
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවන්නට නියමිත මීළඟ වාරිකය ලබාදීම දින නියමයක් නොමැතිව කල් යන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
එම ණය වාරිකය මුදා හැරීමට අවශ්‍ය වන ප්‍රධාන කොන්දේසි මෙතෙක් සපිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම ඊට හේතුව වී ඇත.
ණය වැඩසටහනේ සිව් සිව්වැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇතත් එම මුදල මුදා හැරීම සඳහා විධායක මණ්ඩලය අනුමැතිය ලැබිය යුතුයි.
ඊට පෙර පිරිවැය මත මිල තීරණය වන විදුලි ගාස්තුවක් හඳුන්වා දීම කල යුතුව තිබෙනවා.
අප්‍රේල් මාසය අවසාන වන විට හඳුන්වා දීමට නියමිතව තිබූ තීරු බදු ක්‍රමය මෙතෙක් හඳුන්වා නොදීම ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානියාද මාධ්‍ය අමතමින් මෙම කරුණු සම්බන්ධයෙන් අවධාරණය කිරීමට කටයුතු කරන ලදී.