
2025.04.22 වන දින රාත්රී කාලයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්රදේශයේ මහල් නිවාසයක් තුලදී ඩෑන් ප්රියසාද් යන අයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්රියසාද් යන අය කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්රතිකාර ලබමින් සිටියදී එදින රාත්රී කාලයේ මිය ගියා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබූ අතර 2025.04.24 වන දින සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කෙරුණා.
ඒ අනුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත වැටලීමක් සිදුකර 2025.05.02 වන අද දින සවස් කාලයේ කුරුඳුවත්තපොලිස් වසමේදී මෙම වෙඩි තැබීම සිදුකල ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 52 ක් වන වෑබඩ උතුර, වෑබඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු ඉහත මරණකරුගේ සොහොයුරාගේ ඝාතනයටද සම්බන්ධ සැකකරුවෙකු වන අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.