
ගාලු මුවදොර පැවැති මැයි රැලිය සදහා පැමිණි ජාතික ජන බලවේගය පිරිස් සහිත බස් රථ අධිවේගී මාර්ගයේ නවතා ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අදහස් පල කර තිබෙනවා.
මෙම සිදුවීම සිදුවූ පසු තමන් ඒ පිළිබඳව අදාළ සංවිධායකයන්ගෙන් විමසා සිටි බවද ඔහු කියා සිටියා.
එම බස් රථවල රියදුරන්ටත්, එම කටයුතු සිදු කරද්දී එහි සිටි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙනුත් අදාළ නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලද බස් රථවල සංවිධායකවරයන් සම්බන්ධයෙන්ද තමන් ලේඛනයක් කැඳවා ඇති බවත් සඳහන් කළා.