
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයෙකු තරුණියකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නව දේශපාලන පක්ෂයකින් ලග්ගල ප්රාදේශීය සභාවට තරග වදින මෙම අපේක්ෂකයා දහනව හැවිරිදි තරුණයකට මෙසේ බලහත්කාර ලිංගික අතවරය සිදුකර තිබෙනවා.
මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරීමට ඊයේ දින ගෙයින් ගෙට යමින් සිටි අවස්ථාවක මෙම අතවරය සිදුවී ඇතැයි පොලිසියට කරන ඇති පැමිණිල්ලේ සඳහන් වනවා.