
රුපියල් ලක්ෂ දොළහක මුදලකට මෝටර් රථ ලබාදෙන බවට නලින් හේවගේ මහතා පවසා නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසනවා.
නලින් හේවගේ මහතා විසින් කරන ලද මතභේදාත්මක ප්රකාශයක් තමන් විසින්ද ඇසූ බවත් ඉන් ලක්ෂ දොළහකට මෝටර් රථ ලබාදෙන බව ගම්ය නොවන බවත් ඔහු කියා සිටියා.
දෙරණ නාලිකාවේ පැවැති විශේෂ 360 වැඩසටහන එක්කමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.