
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති.
පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙම ඡන්ද විමසීම ආරම්භ වන අතර ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් අයත් වනු ඇත.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කරනු ලබන අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14ක් ඇතුළත් වනවා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ සහන සැලසීම වෙනුවෙන් විශේෂ මැදිරියක් ස්ථාපිත කර අර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.
අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා.
ඒ අනුව,
නුවරඑළිය – 20%
යාපනය – 6%
වව්නියාව – 31.5%
මන්නාරම – 12%
අම්පාර – 12.5%
අනුරාධපුර – 10% -15%
මොනරාගල -15%
බදුල්ල – 20%
කෑගල්ල – 11%ක් ලෙස මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.