මාලන් ඩේල් ෆෙරේරා විසිනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (02) පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ශ්‍රී ලංකා පිලේ නව නායක චරිත් අසලංක ඉන්දීය අවසන් කඩුලු දෙක දවාලීමට එක් ලකුණක් පමණක් අවශ්‍යව තිබියදී සහ පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.
කෙසේවෙතත් තීරණාත්මක නිමාවක් දැකගැනීමට හැකියාව තිබුණත් යාවත්කාලීන කරන ලද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිරීති අතපසු කිරීම පිළිබඳව විවේචන එල්ල වී තිබෙනවා.
2023 දෙසැම්බර් සිට ක්‍රියාත්මක වන ICC හි යාවත්කාලීන කළ නීතිවලට අනුව, 16.3.1.1 වගන්තියේ සඳහන් වන්නේ එක්දින තරගයක් සම තත්ත්වයකින් අවසන් වුවහොත් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපිරි ඕවරයක් ක්‍රීඩා කළ යුතු බවයි. සුපිරි ඕවරය ද සම තත්ත්වයකට පත්වුවහොත්, සුවිශේෂී තත්ත්වයන් මත මිස, නිශ්චිත ප්‍රතිඵලයක් ලැබෙන තෙක් අතිරේක සුපිරි ඕවර ක්‍රීඩා කළ යුතුය.
කෙසේ වෙතත්, ICC තරඟ තීරක රංජන් මඩුගල්ල, සහ පිටියේ විනිසුරුවරුන් වන ජොයෙල් විල්සන් සහ රවීන්ද්‍ර විමලසිරි සහ රූපවාහිනී විනිසුරු පෝල් රීෆල් ඇතුළු ICC තරඟ නිලධාරීන් ඊයේ තරඟයේදී මෙම රීතිය පිළිපැදීමට අපොහොසත් වී තිබීම කනගාටුවට කරුණක්.
කෙසේ වෙතත්, ICC විසින් 2023 දෙසැම්බර් මස නව නිතිය එකතු කිරීමට ප්‍රථම (පහත පෙන්වා ඇති පරිදි) එක්දින තරග 44 ක් (ඊයේ තරඟය හැර) ලකුණු සමවිමෙන් අවසන්ව තිබෙනවා.
Match | Year | Venue |
---|---|---|
Sri Lanka vs India | 2024 | Colombo |
Netherlands vs West Indies | 2023 | Harare |
PNG vs USA | 2022 | Moresby |
USA vs Nepal | 2022 | Pearland |
Oman vs UAE | 2022 | Al Amarat, Oman |
Pakistan vs Zimbabwe | 2020 | Rawalpindi |
England vs New Zealand | 2019 | Lord’s London |
India vs West Indies | 2018 | Visakhapatnam |
Afghanistan vs India | 2018 | Dubai |
Zimbabwe vs Scotland | 2018 | Bulawayo |
Zimbabwe vs West Indies | 2016 | Bulawayo |
England vs Sri Lanka | 2016 | Nottingham |
New Zealand vs India | 2014 | Auckland |
West Indies vs Pakistan | 2013 | St Lucia |
Netherlands vs Ireland | 2013 | Amstelveen |
South Africa vs West Indies | 2013 | Cardiff |
Ireland vs Pakistan | 2013 | Dublin |
West Indies vs Australia | 2012 | St Vincent |
India vs Sri Lanka | 2012 | Adelaide Oval |
England vs India | 2011 | Lord’s London |
India vs England | 2011 | Bengaluru |
New Zealand vs England | 2008 | Napier |
Ireland vs Zimbabwe | 2007 | Kingstown |
England vs Australia | 2005 | Lord’s London |
South Africa vs England | 2005 | Bloemfontein |
South Africa vs Sri Lanka | 2003 | Durban |
South Africa vs Australia | 2002 | Potchefstroom |
Australia vs South Africa | 2000 | Melbourne |
Pakistan vs Sri Lanka | 1999 | Sharjah |
Australia vs South Africa | 1999 | Birmingham |
West Indies vs Australia | 1999 | Guyana |
Zimbabwe vs New Zealand | 1997 | Bulawayo |
New Zealand vs England | 1997 | Napier |
India vs Zimbabwe | 1997 | Paarl |
New Zealand vs Sri Lanka | 1996 | Sharjah |
Zimbabwe vs Pakistan | 1995 | Harare |
New Zealand vs Pakistan | 1994 | Auckland |
India vs Zimbabwe | 1993 | Indore |
West Indies vs Pakistan | 1993 | Guyana |
Australia vs Pakistan | 1992 | Hobart |
India vs West Indies | 1991 | Perth |
Pakistan vs West Indies | 1991 | Lahore |
England vs Australia | 1989 | Nottingham |
Australia vs West Indies | 1984 | Melbourne |
මේ පිළිබඳව විමසීමට අප ICC නිලධාරියෙකු සම්බන්ධ කරගත් විට එය ඇත්තෙන්ම වැරැද්දක් බව තහවුරු කළා. අදාළ නිලධාරියා ප්‍රකාශ කළේ තරඟාවලියේ දෙවන හෝ තුන්වන එක්දින තරඟයේදී තවත් සම තත්වයක් ඇති වුවහොත් යාවත්කාලීන කරන ලද නීතිවලට අනුව සුපිරි ඕවරයක් ක්‍රියාත්මක කරන බවයි.
ICC හි නව ක්‍රීඩා කොන්දේසි සැලසුම් කර ඇත්තේ මෙවන් තරඟ වලදී පැහැදිලි විසඳුමක් ලබා දීම සඳහා වන නමුත් ඊයේ තරඟයේදී මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නවතම මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී තිබේ.