
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩා වැටුනා.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටුණු අතර විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වුණා.
අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලු දෙනාම බේරාගෙන ඇති බව ශ්රී ලංකා ගුවන් හමුදාව ප්රකාශ කළා.
මේ අතර ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිට ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවය.