
ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්රීවරුන් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එම මන්ත්රීවරුන් තමන් මුදලට විකිණෙන්නට සූදානම් නොමැති බව අදාළ පාර්ශව වෙත දැනුම් දී ඇති බව ද මන්ත්රීවරයා ප්රකාශ කළා.
එසේම කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්රීවරයෙකුට රුපියල් කෝටි දෙකක් දක්වා ලංසු තබා ඇතැයි ද ඔහු චෝදනා කර සිටිනවා.
මෙතෙක් හොරු යැයි කී පිරිස් සුද්ද කරමින් හෝදමින් තමන්ගේ පාර්ශ්වය වෙත ලබා ගැනීමට සැරසෙන බව ද පසුගිය ආණ්ඩු ද සිය බලය අහිමි වන විට කෙසේ හෝ බලය රැකගැනීම උදෙසා මෙලෙස හැසිරුණු බවත් දයාසිරි ජයසේකර පවසා සිටියා.
පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියා.