
විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලිබිල මෙසේ වැඩි කිරීමට යන බවද ඔහු සඳහන් කළා.
ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවක නැවත වතාවක් විදුලි බිල වැඩි කළහොත් ඔවුන් යන එන මං නැති තත්ත්වයට පත්වන බවද කුමාර් ගුණරත්නම් මහතා කියා සිටියා.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.