
2025.05.17 වන දින රාත්රී කාලයේ නාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවතප්රදේශයේදී ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් විසින් පහරදුන් බවට පවසා එම ජීප් රථයේ සිටි තුසිත හල්ලොලුව නැමැති අය හා තවත් පුද්ගලයෙකු ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ජීප් රථයට පමණක් අලාභ හානි සිදුව ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානය මඟින් තුවාලකරුවන්ගේ ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එහිදී අදාල ජීප් රථය ධාවනය වෙමින් තිබියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එක් වරම ජීප් රථය හරස් කර වෙඩි තබා බිය ගන්වා එහි දොරවල් විවෘත කර තුසිත හල්ලොලුව යන අයට සහ අනෙක් පුද්ගලයාට පහරදී තුසිත හල්ලොලුව යන අය සන්තකයේ තිබූ ලිපි ගොණුවක් රැගෙන පලාගිය බවට ඔහු විසින් ප්රකාශ කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නාරාහේන්පිට පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.