
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියට ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවට ඔහු චෝදනා කරනවා.
මෙසේ ටෙන්ඩර්වල තක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම ඔහු පැවසුවේ නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බවයි.