
රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ වැලිපැන්න, දොඩම්පාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
එම සැකකරු සහ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයාට කරුණු පැහැදිලි කරමින් සිටි නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අත සපකා ඇති බවද පොලිසිය පවසනවා.
වැලි පැන්න පොලිසියෙන් සිදු වූ අසාධාරණයක් පිළිබඳව රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඒ පිළිබඳව පැවසීමට අවශ්‍ය බව එම පුද්ගලයා පවසා ඇති අතර ඒ සඳහා වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වා සිටියදී කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරුව ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදුන්නහොත් මාර්ගයේ ගමන් කරන වාහනයකට දරුවන් දෙදෙනා සමග පනින බව පවසා කලබල කර ඇති බව පොලිසිය කියා සිටියා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.
නුගේගොඩ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ සහකාර පොලිස්අධිකාරි 2 ලසිත රංග අභය වික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.