
72 වන ලෝක රූ රැජිණ තේරීමේ තරගය තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වෙමින් තිබෙනවා. මැයි 07 වන දා ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වෙනවා. ඒ අනුව රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණා.
කෙසේ වෙතත්, ලෝක රූ රැජිණ තරගය සම්බන්ධ ආන්දෝලන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
රූ රැජිණ තරගයට සහභාගී වීමට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙකු රාමප්පා කෝවිලට ගිය විට, ප්‍රදේශයේ කාන්තාවන් විසින් ඔවුහු පිළිගෙන තිබෙනවා තරගකාරියන් පිළිගනු ලැබූ කාන්තාවන් තරගකාරියන්ගේ පාද ජලයෙන් සේදීමෙන් පසු ඊට දැඩි විරෝධතා එල්ල වී තිබෙනවා.
බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ තෙලංගනා කාන්තාවන්ගේ ක්‍රියාව විවේචනය කරමින්, “එයාලා අනිත් අයගේ පාද සෝදන්න ඕනේ ද?,” යනුවෙන් ප්‍රශ්න කර තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රාන්ත රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ලෝක රූ රැජිණ තරඟය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාන්තා සමූහ මේ වන විටත් අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති අතර, රූපලාවණ්‍ය තරඟවලට අදාළ මතභේද මේ වන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතිනවා.