
කොළඹදී පැවති ජාතික රණවිරු සැමරුමට ජනාධිපතිවරයා සහභාගි වීමට පෙර සිටම සූදානම් වී සිටි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් මාස ගණනාවක සිටම සාකච්ඡා වී තිබූ බවද ඔහු කියා සිටියා.
ඒ අනුව එම උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන චෝදනා ගණන් ගන්නේ නැති බවත් රජයේ කාර්යය කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියා.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.