
තමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් අතවර නොකල බවත් ඇයගේ කැමැත්තෙන් ලිංගික ඇසුරක් පැවැත්වූ බවත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.
එය අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත්ම එකග නොවන බවත් ඔහු කියා තිබෙනවා.
ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා කැමරා ඇත්නම් ඒවා පරීක්ෂා කර එම අවස්ථාවේ වෛද්‍යවරියගේ හැසිරීම නිරීක්ෂණයෙන් එය තහවුරු කරගත හැකි බවත් වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම පුදුමයක් බවත් ඔහු පවසා තිබෙනවා.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහු මේ බව පැවසුවේ තමන්ට අධිකරණයේදී ප්‍රකාශයක් කිරීමට ඉල්ලා ඊට අවසර ලැබුනු අවස්ථාවේදීයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටින අතර තමන් වෙනුවෙන් තමන්ම අදහස් පල කරනවා.