
විපක්ෂය මේ වන විට පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා ලාහෙට ගෙම්බන් ඇහිදිමින් ඇතැයි ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.
කෙසේ වුව ද විපක්ෂය එක් අයෙකු එකතු කර ගන්නා විට තව දෙදෙනෙකු පිටට පනින බව ද ඔහු ප්‍රකාශ කරනවා.
මෙලෙස සජබ මන්ත්‍රීවරුන් පවා එළියට පැන ආණ්ඩුවට සහාය දීමට පැමිණෙන බවත් ගනුදෙනු කිරීමට තව අය සිටින නිසා ඔවුන් නතර කර ඇත්තේ ආණ්ඩුව බවත් නි. ඇමති සුසිල් රණසිංහ හෙළි කර සිටියා.