2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවයි.
රට ගොඩනගන ප්රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ද ඒ මහතා සඳහන් කළා.
රටේ බහුතරයක් ජනතාව මැතිවරණ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාසිටින බවත් පැවසු ඒ මහතා, පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත්කිරීමට ඔවුන් කටයුතු කරන බවත්, රටේ ජනතාව මේ වනවිට “අනුරට රට භාරදෙන්න සුදානම්…” බවත් කියා සිටියා.