
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක මහතා සඳහන් කළා.
දුමින්ද දිසානායක මහතා මැගසීන් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර ඔහුට ප්‍රථිකාර ලබා දියයුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා..
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ලේලිය T56 වර්ගයේ රන් හා රිදී ආලේපිත ගිනිඅවියක් සමග වැල්ලවත්ත පොලිසිය මගින් පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගෙන තිබුණා.