
දේශීය නාඩු, දේශීය රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මෙලෙස සහල් වර්ගවල උපරිම මිල ඉහළ යාම කීරි සම්බා සඳහා වාර්තා වී තිබේ. මේ අනුව, කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 22 කින් ඉහළ ගොස් තිබෙනවා.
කීරි සම්බා වී කිලෝවක මිල රුපියලත් රුපියල් පහත් අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
කෙසේ නමුත්, දේශීය රතු කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 2කින් පහත වැටී තිබේ. පසුගිය වසරේ සමාන කාල පරිච්ඡේදය අනුව සැසඳීමේදී දේශීය රතු කැකුළු සහල් කිලෝවක උපරිම මිල ඉහළ යාම 13% ක් ලෙස වාර්තා වනවා.