
සිරි දළදා වන්දනාව පැවැති සමයේදී මහනුවර නගරයේ තැන තැන එකතුවූ කසළ මෙට්‍රික් ටොන් 600 ක තොගය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මහනුවර මහ නගර සභාවේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
මෙම කසළ තොගය මහනුවර,ගොහාගොඩ කසළ කළමනාකරණ ඒකකය ආශ්රිත ප්‍රදේශයේ ගොඩගසා තිබෙනවා.
මෙම කසළ තොගයෙන් මෙට්‍රික් ටොන් 100 ක් පමණ මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් විසින් වෙන්කර තිබෙනවා.
මෙම කසළ තොගය කොළඹ මහ නගර සභාවේ දහනාගාරයකට රැගෙන ගොස් පිලිස්සීම සඳහා ප්‍රවාහන කටයුතුවලට අධික වියදමක් වැයවන බවට ගණන් බලා තිබෙන බවයි වාර්තා වන්නේ.