
ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප්රකාශයට තමන් එකඟ නොවන බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ෆොන්සේකා මහතා මෙසේ කියා සිටියා.
‘සාමය සඳහා ශ්රී මහා බෝධියට ගහන්න බෑ. සාමය සඳහා දලදා මාලිගාවට ගහන්න බෑ. ඒ ප්රභාකරන් ඇසුරුනු ආකාරය අනුව කිසිම කෙනෙක් විශ්වාස කරන්නෑ මූ මේ සාමයටනෙ එන්නෙ කියල.
මම ඉතින් අහගෙන හිටිය. ඉතිං එතුමාගේ මතය හේතුව ප්රකාශ කරනවා. පිස්සෙක් නෙවෙයිනෙ ක කියල උඩ පනින්න’