සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය මේවන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් බවට පත්වෙද්දී තරග තීරකයෙකු වන රන්ජන් මඩුගල්ලටත් අද තරගය ඉතාමත් සුවිශේෂී තරගයක් බවට පත්ව තිබෙනවා. ඒ එක්දින තරග 400ක් විනිශ්චය කළ පළමු තරග තීරකයා ලෙස පත්වීමට ඔහුට අවස්ථාව හිමිවීමත් සමගයි.
මේවන විට ඔහු එක්දින තරග තීරකයෙකු වශයෙන් කටයුතු කර තිබෙන අතර අද පැවැත්වෙන්නේ ඔහුගේ 400 වැනි තරග තීරක වශයෙන් කටයුතු කරන තරගයයි.
රන්ජන් මඩුගල්ල යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් වන අතර ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ දකුණතින් පිත්ත හසුරවපු ක්‍රීඩකයෙක්.
මේ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම එහි 06 වැනි ස්ථානය ලබාගෙන සිටිනවා.
ඒ තග 222ක තරග තීරකයා ලෙස කටයුතු කරමිනුයි.