අධිවේගී මාර්ගයන්හි ඇති වත්කම් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් මෙකී මාර්ගයන්හි ඇති වයර්, තඹ කම්බි, ආරක්ෂිත වැටවල යකඩ, සාමාන්‍ය කම්බි හා දේපළ සොරකම් කිරීම සමග හානිවීම් වාර්තා වී තිබෙනවා. එම හානිවීම්වල වටිනාකම ඉකුත් වර්ෂයෙහි (2023) රුපියල් මිලියන 913.17 ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වනවා.
අධිවේගී මාර්ගවල රාජකාරී කරන පොලිස් නිළධාරීන්ට පහසුකම් සැපයීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන රුපියල් මිලියන 150 ද ඇතුළුව රුපියල් මිලියන 2000කට වඩා වැඩි වියදමක් දරන බවද මෙකී වාර්තාවේ සඳහන් වනවා.
එමෙන්ම දේශීය විදේශීය අරමුදල් භාවිත කරමින් රුපියල් මිලියන 767,630ක පමණ වටිනාකමකින් යුතු අධිවේගී මාර්ග කි.මි. 312.6ක් ඉදිකර තිබෙනවා. මෙම මාර්ගවල සියලුම පරිපාලන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබෙනවා.