කැමරූන් ජාතිකත්වය සහිත බ්‍රිතාන්‍ය සරණාගතභාවය ලබාගෙන සිටින 25 හැවිරිදි සින්ඩි න්ගම්බා සිය සරණාගත කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඔලිම්පික් පදක්කම දිනාගෙන තිබෙනවා.
ඒ, කිලෝග්‍රෑම් 75 බර පන්තියේ කාන්තා බොක්සිං තරගයේදී ලෝකඩ පදක්කම් ලබා ගනිමින්.
මෙවර සරණාගත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 37 දෙනෙක් පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වී තිබෙනවා
ඒ අනුව, සරණාගත ඔලිම්පික් කණ්ඩායම වෙනුවෙන් නිල වශයෙන් තෝරාගන්නා ලද පළමු බොක්සිං ක්‍රීඩිකාව ඇයයි.
ඇය වයස අවුරුදු 10දී බ්‍රිතාන්‍යයට ගිය නමුත්, ඇයට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නිසා එරට කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට නොහැකි වී තිබෙනවා.
එමෙන්ම 2016 වසරේ රියෝ ද ජැනයිරෝහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඔවුන් ප්‍රථමයෙන්ම සහභාගී තිබෙනවා.