ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතාගෙ ජනප්‍රියත්වය ඉහළ යාම ගැන කනස්සල්ලට පත්ව සිටින ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබෙනවා. සර්ව ජන ඡන්ද බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇතැයි අසත්‍ය ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ලිපියක් සංසරණය වීම ඊට නවතම උදාහරණය බවට පත්ව තිබෙනවා.
මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකයෙකු The Morning Telegraph වෙත පැවසුවේ, “දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය හොඳින් සිදුවෙමින් පවතින අතර, හෙට දිනයේදී කුරුණෑගලදී පැවැත්වෙන රැළියේදී දිලිත් වේදිකාවට ගොඩවන අතර සැලකිය යුතු ජන සහභාගීත්වයක් අපේක්ෂා කරන බවයි.
සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ඇප මුදල් පමණක් තැන්පත් කර ඇති අතර මෙතෙක් මැතිවරණ කොමිසමට නාමයෝජනා භාර නොදීම හේතුවෙන් මෙම රාවය හටගෙන ඇති බවටද මත පළ වී තිබෙනවා.
නාමයෝජනා භාරගැනීමේ අවසාන දිනය 2024 අගෝස්තු 15 වනවා. මේ වන විට අපේක්ෂකයින් 27 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.
සර්වජන බලයේ මීළඟ දේශපාලන රැළිය 2024 අගෝස්තු 10 වැනිදා පස්වරු 2.30ට කුරුණෑගලදී ආරම්භ වීමට නියමිත බවයි එහි සාමාජිකයෙකු සඳහන් කළේ.