රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි අභ්‍යන්තර පර්යේෂණ ඇතුළු ප්රචාරක ලේඛණ කිහිපයක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට තහවුරු වී ඇති බව එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම සයිබර් ප්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇති බවත් ජනාධිපතිවරණයට බාධා එල්ල කිරීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කරනවා.