රටේ පැවැති අර්බුදකාරී වාතාවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදු වූ හානි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 41 දෙනෙකු සඳහා රුපියල් එකසියපන් කෝටි තුන්ලක්ෂ තිස්නම දහස් හයසිය විසිහයක මුදලක් (1,050,339,626) වන්දි වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලද පරිපූරක අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදන මගින් මෙකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 41 දෙනා සඳහා මෙම වන්දි මුදල ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වනවා.
2022 මාර්තු මස 31 දා සිට 2022 ජුලි මස 31 දා දක්වා කාලයේ දී රටේ පැවැති අරගලය හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපළවලට හානි සිදුවී තිබුණා. රජයේ සිට විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හා දේපළවලට සිදුවී ඇති හානි තක්සේරු කිරීමේ දී අඩුවෙන් තක්සේරු කර ඇති බව එම මන්ත්‍රීවරු සඳහන් කරනවා.
මෙම තොරතුරු අනාවරණය වන්නේ මුදල්, ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර 2023 වර්ෂයට අදාළව අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේයි.