මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් විශේෂයක් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි රුවන් ලංකාතිලක මහතා සමත් වී තිබෙනවා.
බීජ ලබා ගැනීමට යොදාගන්නා වියළි මිරිස්වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අයිස්ක්‍රීම් සකස් කරන අතර පැණි රස හා මිරිස් සැර එකට එක්වූ නවමු රසයකින් මෙම අයිස්ක්‍රීම් රස විඳිය හැකි බවයි රුවන් ලංකාතිලක සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් ඇත්තේ දරුවන්ට සහ වැඩිහිටියන්ට වශයෙන් අයිස්ක්‍රීම් නිෂ්පාදන දෙකක් හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී ඒවා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩසටහනේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වය යටතේ සිදුකර ඇති අතර ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ පර්යේෂණ සිදු කර ඇත.