දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්පන්දන් මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි.
1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ඔහු මියයන විට 91 වන වියේ පසු වුණා. කලක සිට යම් අසනීප තත්වයකින් පෙලීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවලට පවා සහභාගී වීමට නොහැකි බවට දන්වා නිවාඩු ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
වෘත්තියෙන් නීතීඥවරයෙකු වූ ඔහු 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙසද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.