රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බවයි.
තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.