වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 285,000ක මුදලකට පසුගිය රාත්‍රියකදී වෙන්දේසි වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසනවා.
මෙම වෙන්දේසිය පවත්වා තිබුණේ උක්කුලාන්කුලම් සිද්දි විනායගර් කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන්.
අදාළ වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලට ගනු ලැබුවේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නැමැති කාන්තාවක් විසින්.
කෙසේවෙතත් පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීද මෙම හින්දු කොවිලේම පැවති වෙන්දේසියකදී අදාළ කාන්තාව විසින් අඹ ගෙඩියක් 162,000ක මුදලක් ලබාදී මිලට ගනු ලැබුවා.
මෙම කාන්තාව විසින් කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ මුදල් ලබාදීම සඳහා එවැනි මිලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා දීම සිදු කළ අතර ඊට අමතරව මෙම අඹ ගෙඩිය තමන්ගේ නිවසට රැගෙන ගොස් තැන්පත් කිරීමෙන් නිවසට මෙන්ම පවුලට ඇතිවන්නා වූ කරදර හා දෝෂයන් තුරන් වී සාමය සෞභාග්‍ය උදාවන බවටද හින්දු ජනතාවගේ විශ්වාසයක් පවතිනවා.
උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවිල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 03ක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වීම සිදුවුණා.