අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
යු.එස්.එස් ස්ප්‍රොන්ස් නම් නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බවයි නාවික හමුදාව පැවසුවේ.
සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා එම නෞකාව මෙරටට පැමිණ ඇති බව සඳහන්.
නෞකාව දිගින් මීටර් 160ක් පමණ වන අතර 338 දෙනෙකුගෙක් සමත්විත වන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු නෞකාව හෙට (20) දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.