මහනුවර ෙඒතිහාසික ශ්රී දළදා මාලිගයේ අවසන් රන්දෝලි පෙරහැර අද (19) දින වීදි සංචාරය කෙරෙනවා. දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල නරඹන්නන් පිරිසක් පෙරහැර නැරඹීමට හා ආශිර්වාද ලබා ගැනීමට පැමිණ තිබෙනවා.
පෙරහර සඳහා දේශීය සංචාරකයින්ට අමතරව විදේශීය සංචාරකයින්ද විශාල පිරිසක් දක්නට ලැබීම සුවිශේෂී තත්වයක්.
අවසන් රන්දෝලි පෙරහැර රාත්රී 6.57 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර පිටත්ව ශ්රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදියෙන් හැරී ඩී.එස්. සේනානයක වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතව තිබෙනවා.