ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹදී අද (19) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,
“රනිල් දැන් කියනවා ආණ්ඩුව ගන්න ආරාධනා කළා ඒ වෙලාවේ අපි හැංගුණා කියලා. රනිල්ගේ තරමට ඔය වගේ දේවල් කිව්වට කමන්නේ නැහැ. හැබැයි ජනාධිපති නිසා ඔය වගේ දේවල් කියන්න එපා. අපි බලය ඉල්ලලා ගෝඨාභයට ලිපියක් යැවුවා. ඒ ලියුම හම්බුණා කියලාවත් පිළිතුරු එව්වේ නැහැ. පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවේ ඉතිං මාව ජනාධිපති කරන්න තිබුණානේ. එයාලා අපිට එහෙම බලය දෙන්නේ නැහැ. අපි කිසිසේත්ම පැනලා ගියේ නැහැ. අපි ලෑස්තියි රට භාරගන්න.
දැන් සමාජය තුළ බියක් මවමින් තිබෙනවා. NPP ආණ්ඩුවක් ආවොත් මෙහෙම වෙයි කියලා. ඉතිහාසයේ ඇතැම් ඝාතන ගැන රනිල් වික්‍රමසිංහ ප්රචාරක මෙහෙයුමක් හදලා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා. NPP ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ. ඒ වගකීම අපි භාරගන්නවා. කුරුණෑගල සජබ රැස්වීමේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වනවා කියලා. ඒ ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයා අපේ පස්සෙන් ආවා තිස් හතලිස් වතාවක් අපිට එකට ගන්න කියලා. මේ අවලාද සහ අසත්‍ය තොරතුරු සහිත මැතිවරණය ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ.”
මාධ්‍යවේදියා – දැන් සමාජයට මතයක් යවලා තියෙනවා ලක්ෂ 70ක් ගන්නවා කියලා. ලක්ෂ 70ට යන්නේ කොහොමද කියන ප්රශ්නය තියෙනවා?
“ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්.”
මාධ්‍යවේදියා – එදා නාමයෝජනා භාරදුන්න දවසේ අපි දැක්කා ඔබතුමා සුහද කතාබහක නිරතවෙනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එක්ක. මොනවගේ කතාබහක්ද ඇතිවුණේ ?
“කොහොමද මල්ලි’ කියලා ඇහුවා අතට අතදීමයි දේශපාලන ප්‍රතිපත්තියි වෙනස්.
උඩඟු උද්දච්ච කෙනාව දැක්කනේ. ඒ වැඩේද මම කරපුදේද හොඳ? සාමාන්‍ය කෙනෙක් අත දුන්නත් නැගිටලා අතදෙනවා. මොන උඩඟු මිනිසෙක්ද? අපි කරපු දේ හරි, අර දේ වැරදි.”