ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව උණ ට, සෙම්ප්‍රතිශ්‍යාව ට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් මෙලෙස තහනමට ලක්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිසාට අවදානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම ඖෂධ වෙනුවට භාවිත කළ හැකි විකල්ප ඖෂධ ඇති බවත් සඳහන්.
එරට ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බව වාර්තා වී තිබෙනවා.