රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් ගබඩා අංගණයක තිබී රුපියල් කෝටි 51 කට අධික වටිනාකමින් යුත් ජල වායු පීඩන මීටර් තොගයක් අස්ථාන ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජලාපවාහන මණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයට අයත් රුපියල් පනස් එක් කෝටි තිස්හය ලක්ෂ හතළිස් හතර දහස් පන්සියයක් (513,644,500) වටිනා මෙම ජල වායු මීටර් තොගය අගෝස්තු මස 20 වෙනිදා එම ගබඩා අංගණය විවෘත කර බැලීමේදී අස්ථාන ගත වී ඇති බව සඳහන් කර තිබෙනවා. රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ වාණිජ අධ්යක්ෂ ඩබ්.එස්. කුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදු කර තිබෙනවා.