සබරගමුව පළාත් සභාව පිටුපස භූමියේ වසරකට අධික කාලයක් තිස්සේ වෙන්දේසි කිරීමට නියමිත රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වාහන රැසක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරා පත්වන බව පළාත් සභාවේ සේවකයින් පවසන බවට අද පුවත්පත වාර්තා කරනවා.
පළාත් සභාව සතු ආයතනවලට අයත් මෙම වාහන තවදුරටත් දිරා පත්වීමට නොදී වෙන්දේසි කිරීමට හෝ අලුත්වැඩියා කරන ආයතනවල ප්රයෝජනයට ගැනීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවද සබරගමුව පළාත් සභාවේ සේවකයන් පවසනවා.