ශැනන් වික් ඔස්ට්‍රේලියානු The Voice Season 13 හි Blind Audition තුළ Sade Brown ගේ “Stop” ගීතය ගායනා කරමින් පසුගියදා ලොව සියලු දෙනාගේ අවධානය දිනා ගන්නට සමත් වුණා.
මේ අතර මෙම විශිෂ්ට ගායනය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සංගීතඥයෝ වන Alston Koch, Geoffrey Fernando සහ Dereka Wickramanayake ඇයව ඉතාමත් ප්‍රසංශා කර තිබෙනවා.
Alston Koch ඇය ගැන පැවසූවේ, “අතිශයින්ම විස්මිත දක්ෂතාවක් සහ මම මෙතෙක් අසා ඇති හොඳම ගායනය” යනුවෙනි. Geoffrey Fernando ඇයගේ ගායන හැකියාව පිළිබඳව කියා සිටියේ, “ඇය විශිෂ්ට හා ප්‍රබල කටහඬකින් යුත් ලස්සන ගායන විලාසයක් සහිත කෙනෙකි. ඇයත් නිහතමානී බව පෙනෙනවා. මම ඇයගේ අනාගතයට සුබ පතනවා.” යනුවෙන්. Dereka Wickramanayake පවසන්නේ, “මගේ මතය අනුව, ඇය සෑම අංශයකින්ම දක්ෂයි. ඇයගේ කටහඬ, ගායනය, පෙනුම සහ පෞරුෂය කිසිවකට නොදෙවෙනියි. ගෝලීය සංගීත වේදිකාවේ ඇයට දීප්තිමත් අනාගතයක් ගැන මම අනාවැකි පළ කරමි.” යනුවෙනි.
ඕස්ට්‍රේලියාවේ සිටින දක්ෂ ගායන ගුරුවරියක් වන ෂැනන් තම සිසුන්ගේ බලකිරීම මත මෙම තරඟයට ඉදිරිපත් වී තිබෙනවා.
ඇගේ ගායනය කෙතරම් සිත් ඇදගත්තාද යන දේ පසක් වූයේ Guy Sebastian, LeAnn Rimes, Kate Ceberano සහ Adam Lambert සිය ආසනවලින් නැගිට ඇයට අත්පොළසන් දීමත් සමගයි.
එමෙන්ම ඉදිරි තරගවලදී ඇයගේ පුහුණුකරු වීමට එම සිව්දෙනාම උනන්දු වූ අතර ෂැනන් අවසානයේ තෝරාගත්තේ Guy Sebastian වයි.