ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයක්.
මෙහි ඍජු බලපෑමක් විදියට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් දැන් වාර්තා වනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 80කට ආසන්න මිලකටයි.
අමෙරිකානු WTI තෙල් බැරලයක මිලත් අද ඩොලර් 75.50 ඉක්මවා ගියා.
මැදපෙරදිග කලාපයේ තෙල් ඍජුවම බාධා එල්ලවීමේ අවදානම වගේම අමෙරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාතික පහත හෙළීමට පවතින හැකියාවක් මේ විදියට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමට බලපා තිබෙනවා.
කෙසේ නමුත් චීනය ඇතුළු ප්‍රධාන පෙළේ ආර්ථිකයන් මන්දගාමීවීම නිසා ඉල්ලුම පහළයාමේ ප්‍රවණතාව නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළයාමක් මෙතෙක් වාර්තා වී නැහැ.
අමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් පරිභෝජනය කරන රටවල තෙල් සංචිතවල පහත වැටීමකුත් මේ වනවිට වාර්තා වනවා.
එමෙන්ම තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න ඔපෙක් සංවිධානය ලබන සතියේ තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.