ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.
මේ අතර, ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ඇණවුම් කර ඇති බවත් එම තොගය ඔක්තෝබර් මස අගදී ලැබීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.
අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.