එළඹෙන 2025 නව වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය කටයුතු කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, නව වසර සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව 270,000කට සීමා කරන බවයි ඕස්ට්‍රේලියානු රජය සඳහන් කරන්නේ.
වාර්තාගත ලෙස විදෙස් සිසුන්ගේ පැමිණීම නිසා එරට නිවාස කුලී මිල ද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම කොවිඩ් වසංගත කාලය තුළ සිසුන් සඳහා විවිධ සහන සැලසුවද වසංගතයෙන් පසු මේ වන විට එරට විශ්ව විද්‍යාල සිසුන් සියයට 10කින් පමණ වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට රජය ඔවුන්ගේ රජය ඔවුන්ගේ නිශ්චිත ඇතුලත් වීමේ සීමාවන් පිළිබඳව ඉදිරියේදී විශ්ව විද්‍යාල දැනුවත් කරන බවයි.