පසුගිය සති කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞත්ක විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන අය සඳහන් කළා.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ නුවරඑළියේදී පැවැත්වූ සරුංගල් සංදර්ශනය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ දායකත්වය ලබා දී ඇති බවයි. එවිට සිදු කළ පර්යේෂණයකින් අපි සරුංගල් හරහා බලශක්තිය නිපදවීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මේ වන විට කටයුතු කර තිබෙනවා.
සුළං බලයෙන් බලශක්තිය නිපදවීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ සාමාන්‍ය දෙයින් ඔබ්බට ගිහින් සරුංගලයක් ගුවන් ගත කරන බලශක්තිය නිපදවීමේ ක්‍රියාදාමය අපි නුවරඑළියෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.
ලංකාවට මේක අලුත් සංකල්පයක් වුණත් අමෙරිකාව වගේ ප්‍රබල බලවත් රටවල්වල සරුංගලයකින් ගෙවල් පහකට වගේ බල ශක්තිය ලබා දෙනවා. ලංකාවේ ක්‍රියාත්මක සියලුම සරුංගල් සංගම් සමග සාකච්ඡා කොට ඉදිරියේදී සරුංගල් ගුවන් ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ මෙම සංකල්පය සාර්ථකව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අප කටයුතු කරනවා යනුවෙන් සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා,
නියත වශයෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ලෝකයේ සැම ස්ථානයකටම වර්තමානය වන විට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වුවමනාව සපුරමින් සරුංගල් ගුවන් ගත කිරීම හරහා නව ක්‍රමවේදයක් ඔස්සේ පුනර්ජනනීය බල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට තමයි අපි විද්‍යාඥයන් හැටියට බලාපොරොත්තු වෙන්නේ.
දැනට සිදු කළ අත්හදා බැලීම්වලින් අනාවරණය වෙලා තියන්නේ අඩි පන්සියයක් හෝ ඊට වැඩි උස අහසේ පියාසර කරන සරුංගල් හරහා පුනර්ජනනීය බල ශක්තිය සාර්ථකව නිපදවා ගැනීමට හැකිවන බවයි.