පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 හැවිරිදි ඇය සතුව තිබී කොකේන් කිලෝ 3ක් ද හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි දළ වටිනාකම රුපියල් කෝටි 11ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව ද වාර්තා වනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ අධ්යක්ෂවරයා එහි පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරනවා.