2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට, ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමටත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමටත් සුදුසුකම් ලබා තිබෙනවා.
තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන් මොහොත තෙක් සුදුසුකම් ලබා ගැනීමේ තරගවල නියැලුණා.
ඒ ජාතික මහ ක්‍රිඩා උළෙලේ ඇය සහභාගී වූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීම නිසා ඇයට හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වීම නිසයි.
කෙසේවෙතත් මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂිට ඒ සඳහා අවස්ථාව හිමිවුණා.
එමෙන්ම දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසු වුණා.
එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණයි.