ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අද (03), පස්වරු 3.00ට මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
එමෙන්ම කලම්බූ ස්ටයිකර්ස් කණ්ඩායම සහ ගෝල් මාවලස් කණ්ඩායම අතර තරගය ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ රාත්‍රීයේ දී පැවැත්වුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතරයි.
ෂඩාබ් ඛාන්ගේ සහ දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලකුණු 51ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.
ඊයේ තරගයේදී ෂඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. ඒ අනුව LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවැනි පන්දු යවන්නා ලෙස ෂඩාබ් ඛාන් වාර්තා අතරට එක්වුණා.
එම තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි නායක වනිඳු හසරංග පළමුව පන්දුවට පහර දීමට කලම්බු කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු කඩුලු දෙක ලකුණු 20කදී දැවී ගියා.
තුන්වන කඩුල්ලට සදීර සමරවික්‍රම සහ මුහමද් වසීම් ලකුණු 78ක සබඳතාවක් ගොඩ නැගූ අතර සදීර සමරවික්‍රම පන්දු 26කදී ලකුණු 48යි.
සදීරගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ නායක තිසර පෙරේරා ෂඩාබ් ඛාන් සමඟ එක්වු 6වන කඩුල්ලට ලකුණු 38ක් රැස් කළා.
අනතුරුව චාමික කරුණාරත්න සමඟ එක්වූ තිසර 7 වන කඩුල්ලට ගොඩ නැගු සබඳතාව ලකුණු 41කි. නායක තිසර පෙරේරා ලකුණු 38යි.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි කලම්බු කණ්ඩායම ලකුණු 198ක් රැස් කළා.
පන්දු යැවීමේදි කසුන් රාජිත, වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තා.
ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අවසන් පන්දු 42ට ලකුණු 62 ක් ලබාගත යුතුව තිබුණා.
නමුත් 15 වන පන්දුවාරයේදී ක්‍රියාත්මකවූ ෂඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවාගත්තේ කැන්ඩි පිලේ බලාපොරොත්තු සුන් කරමින්.
දුනිත් වෙල්ලාගේ ලකුණු 20ට කඩුලු 4ක් දවාගත්තා.
ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 147ක් පමණයි.