තැපැල් කාර්යාලයක ස්ථානාධිපතිවරියගේ සිරුර එම තැපැල් කාර්යාල වහලයේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.
කොලොන්නාව ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට පිහිටි උප තැපැල් කාර්යාලයක මෙම සිදුවීම වාර්තා වන බවයි වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වල්ගම්මුල්ල, අලිවලපල්ල පදිංචිව සිටි කේ. ජනනී චාතුල්‍යා ගුණවර්ධන නැමැති 21 හැවිරිදි තරුණියක්.
සිරුර එල්ලෙමින් තිබූ ආසන්නයේ මේසයක් මත ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනය තබා කැමරාවට සිරුර පටිගත වීමට සලස්වා තිබූ බව පොලිසිය පවසනවා.
ඇය විසින් ලියන ලදැයි බවට සැක කෙරෙන ලිපියක් මේසය මත තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන මෙය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මැය කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක සිට උප තැපැල් කාර්යාලයේ රැකියාව සඳහා ගිය බවයි පැවසෙන්නේ.