ඉලංගෙයි තමිල් අරසු කච්චි එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව සඳහන් කළා.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව සුමන්තිරන් මහතා සඳහන් කළා.
ඉලංගෙයි තමිල් අරසු කච්චි, ද්‍රවිඩ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙනවා.