ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකදී අන්ත දක්ෂිනාංශික “Alternative for Germany (AfD)” පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරනවා.
මෙම පක්ෂය සංක්‍රමණිකයින් ට විරෝධය දක්වන දැඩි මතධාරී දේශපාලන ප්‍රවාහයක්.
AfD පක්ෂය ඡන්ද ප්‍රමාණයෙන් 35%ක් පමණ ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
මෙය අන්ත දක්ෂිනාංශික දේශපාලන පක්ෂයක් දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ප්‍රාන්තයක මැතිවරණ ජයක් ලබාගන්නා පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගත වනවා.
Thuringia ප්‍රාන්තයේ පාර්ලිමේන්තු බලය ලබාගෙන රජයක් පිහිටුවීමට හැකිවෙතැයි ඔවුන්ගේ අපේක්ෂාව වනවා.
ඔවුන් ජනගහණය අධික Saxomy ප්‍රාන්ත මැතිවරණයෙන් ද දෙවැනි ස්ථානයට පත්වුණා.