රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තාවන්ට අනුව ඊසානදිග යුක්රේනයේ ද කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් ළමුන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ප්‍රහාර වැළැක්වීම සඳහා රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසන ලෙස ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර සියලු හවුල්කරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
මොස්කව් හමුදාව පසුගිය සතිය තුළදීද යුක්රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව යුක්රේනය සඳහන් කළා.